free web stats

ගම්පහ ඇතුළු පහත්බිම් රැසක ජල මට්ටම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ (28) දිනය තුළ එම ප්‍රදේශයට මි.මී 300කට අධික වර්ෂාපතනයක් දූනමලෙයි ප්‍රදේශයට ඉහළ තැන්වලට ලැබී ඇති බවයි.

මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ ඇති අතර, එම ස්ථානයත් යට වී ඇති බව ද අධ්‍යක්ෂවරයා පැවසූවා.

මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශය හා ගම්පහ නගරය මෙන්ම වත්තල, ජාඇළ වැනි ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවෙන බව ද ඒ මහතා සඳහන් කළා.

ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති අතර, මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් පවතී.

ගංඟා ද්‍රෝණි කිහිපයක මේ වනවිට බරපතළ ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *