free web stats

ව්ශ්වාස භංගයට මාලිමාවේ අයටත් සහය ලබාදීමට පුළුවන්

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යන් සිදු කරනු ලබන්නේ ජාත්‍ය­න්තර කුම­න්ත්‍ර­ණ­යක් අනුව දැයි සැක­යක් පව­තින බවත්, හෘද සාක්ෂි­යට අනුව කට­යුතු කරන මාලිමා කණ්ඩා­යමේ නාය­ක­යන්ට විප­ක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වා­ස­භං­ග­යට සහාය ලබා දිය හැකි බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳ­හන් කළා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අනු­රා­ධ­පු­ර­යේදී පෙරේදා (10) මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මේ බව පැව­සූවා.

එහිදී තව­දු­ර­ටත් අදහස් දැක්වූ එතුමා පැවසූවේ,

“විප­ක්ෂය විසින් විශ්වා­ස­භං­ග­යක් ගෙන එනු ලබන්නේ ජය­ග්‍ර­හ­ණය සඳ­හාම පම­ණක් නොව වත්මන් ආණ්ඩුව විසින් රටේ සංස්කෘ­ති­යට හා සදා­චා­ර­යට නොගැ­ළ­පෙන අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යන් සිදු කිරීම නිසායි. මේ සම්බ­න්ධ­යෙන් රටේ ජන­තාව දැනු­වත් කිරී­මට මෙන්ම විප­ක්ෂයේ කාර්ය­භා­රය ඉටු කිරී­ම­ටත් අවශ්‍ය නිසා මේ විශ්වා­ස­භං­ගය ගෙන එනවා.

වත්මන් ආණ්ඩුවේ විකෘති මාන­සි­ක­ත්ව­යන් නැවත ඇති නොවී­මට අවශ්‍ය කට­යුතු කර­නවා. මේ සඳහා ජන­තා­වගේ අත්සන් ලබා ගැනී­මට කට­යුතු කර­නවා.

පෙළ­පො­ත්වල කොළ ඉරීම මඟින් සිදුවූ වැරද්ද නිවැ­රදි කිරී­ම­ටට නොහැ­කියි. රටේ මුදල් අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රිය ඇතුළු කණ්ඩා­ය­මට දඬු­වම් විඳී­මට සිදු වෙනවා.

ලෝකය සමඟ ගනු­දෙනු කිරී­මට වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් ඇති­විය යුතුයි.” ඊට මුවාවී සංස්කෘ­තිය විනාශ කරන අසැබි දේවල් ඇතු­ළත් කිරී­මට ඉඩ නොත­බනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *