free web stats

පසුබිම් ගායනයෙන් සමුගත් සිං

හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය රසිකයන් වෙත දැනුම්දී තිබේ.

එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවයි.

තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් ඔහු පවසා තිබෙනවා.

අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක් ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය. ආෂිකි 2 හි ‘තුම් හි හෝ’ ඔහුගේ පෙරළිකාර සාර්ථකත්වය ලෙස කැපීපෙනෙන ගායනයක්ය.

ජාතික චිත්‍රපට සම්මාන 2ක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 8ක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන ඔහු 2025 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *