free web stats

ඊජිප්තු-ගාසා දේශ­සීමා දොර­ටුව මාස 20කට පසු යළි විවෘ­තවේ

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර යුද ගැටුම් හේතු­වෙන් වසා දැමූ ගාසා තීර­යට මානු­ෂීය ආධාර සැප­යීමේ ප්‍රධා­න­තම දේශ­සීමා ප්‍රවේ­ශය ලෙස සැල­කෙන ඊජිප්තු-ගාසා දේශ­සී­මාව මාස 20කට පසු නැවත විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 2024 මැයි මාසයේ සිට වසා දැමූ ‘රෆා‘ දේශ­සීමා දොර­ටුව නැවත විවෘත කිරී­මත් සමඟ පල­ස්තී­නු­වන් දේශ­සී­මාව ඔස්සේ ඊජි­ප්තු­වට සහ ගාසා තීර­යට සංචා­රය කිරිම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

රෆා දේශ­සීමා දොර­ටුව නැවත විවෘත කිරීම පසු­ගිය වසරේ ඔක්තෝ­බ­රයේ ක්‍රියා­ත්මක වූ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැල­සුමේ පළමු අදි­යරේ යෝජ­නා­වක් වුවද, පසු­ගිය සති­යේදී අව­සන් ප්‍රාණ ඇප­ක­රු­වාගේ මළ­සි­රු­රත් නැවත භාර­දෙ­න­තුරු ඊශ්‍රා­යල රජය එම යෝජ­නාව ක්‍රියා­ත්මක කිරිම ප්‍රමාද කළ බව වාර්තා වේ.

පල­ස්තීන තුවා­ල­ක­රු­වන් විසි­ද­හ­සක් පමණ ප්‍රති­කාර සඳහා ගාසා තීර­යෙන් පිට­වී­මට රෆා දේශ­සී­මාව අසළ රැඳී සිටින බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රා­යල රජය සඳ­හන් කර ඇත්තේ ඒ සඳහා දින­කට රෆා දේශ­සී­මා­වෙන් පිට­වී­මට අව­සර ඇත්තේ රෝගීන් 50 දෙන­කුට පම­ණක් බවයි.

යුද්ධය අත­ර­තුර ගාසා තීර­යෙන් පිටවූ පල­ස්තී­නු­වන්ට ද දින­කට 50 දෙනකු බැගින් නැවත පැමි­ණී­මට අව­සර ලබා දී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *