free web stats

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මාතර කඹුරුපිටියේදී

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පවසනවා.

බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ හිමියන් මේ බව සඳහන් කළා.

වර්තමාන රජය විසින් අභිනවයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන සභාවෙහි තෙවන සභාවාරය අද පැවැත්වුණු බවත් එහිදී මෙම තීරණය ගනු ලැබූ බවත් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පැවසුවා.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි,

“රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පවත්වන්නට තීරණය කරනු ලැබුවා. එය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කරන ලද නිර්දේශය අද දින බුද්ධ ශාසන සභාවත් බුද්ධ ශාසන අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන් එකතුව අද තීරණය කළා මේ අවුරුද්දේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *