free web stats

ඊශ්‍රායල අගමැති ගාසා සාම මණ්ඩලයට

අමෙරිකාවේ සංචාරයක් ආරම්භ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා සාම මණ්ඩලයට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වොෂින්ටන් නගරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු ගාසා සාම මණ්ඩලයට එක්වීමේ නිවේදනය නිකුත් කළ බව ද වාර්තා වේ.

එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ගාසා සංවර්ධන වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබාදීමේ අරමුණින් සාම මණ්ඩලයට ඇතුළත් වූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු අතර ධවල මන්දිරයේදී පැය තුනක සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එහිදී ඉරානය සම්බන්ධව කිසිදු තීරණයකට නොපැමිණි බව ද වාර්තා වේ.

කෙසේවුවත් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය බැලැස්ටික් මිසයිල භාවිත කිරිම සහ මැදපෙරදිග හෙස්බුල්ලා වැනි සංවිධාන සන්නද්ධ කිරිම සම්බන්ධව දැඩි කොන්දේසි පැනවිය යුතු බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවක් අනුව පසුගිය වසරේ අග භාගයේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවැනි අදියර යටතේ ගාසා සංවර්ධන කටයුතු සිදු කිරිමට නියමිතව ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ගොඩනැංවීම සාම මණ්ඩලයට එක්වූ සාමාජික රටවල් විසින් සිදු කරනු ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *