free web stats

පයාගලදී දුම්රියේ ගැටුණු කැබ් රථය

අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් කැබ්රථ රියදුරා බලපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරනවා.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකරන අතර දුම්රිය හරස් මඟට නිසි ආරක්ෂිත ගේට්ටුවක් ද සවිකොට නොමැති බව වාර්තා වෙනවා.

මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ යාබද ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයකුගේ කැබ් රථයක් බවට අනාවරණය වී ඇති අතර දුම්රිය ගැටීමෙන් අනතුරුව කැබ් රථය මීටර් පනහකට ආසන්න ප්‍රමාණයක් ඇදී ගොස් තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *