free web stats

සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති 92 සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්වී තිබෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඊට පිළිතුරු සාන්ත පීතර විද්‍යාලය කඩුලු 09ක් දැවි ලකුණු 257ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළා.

ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 95ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 03ක් දැවී ලකුණු 190ක් ලබාගත්තා.

ඒ අනුව තරගයෙන් ජයගැනීමට ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය සාන්ත පීතර විද්‍යාලයට දිනය නිමාවනවිට කඩුලු 09ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *