free web stats

ජනතාවාදී ආණ්ඩුවෙන් ඇයි මෙහෙම වෙන්නේ

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොතටුව නව නඟරය, බෝපැත්ත, බටලන්දහේන, සාලමුල්ල, මෙගොඩ කොලොන්නාව යන ග්‍රාම සේවා වසම් පහෙ හි දිට්වා වලින් නිවාස අර්ධ වශයෙන් හානි වූ පවුල් 436 කට ගොතටුව ශ්‍රී කන්දෙ විහාරස්ථානයේ දී පසුගිය දා නිවාස ආධාර ලබාදීමේ උත්සවයක් එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  සංවිධානයකර තිබුණා.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සංවිධානය කළ මෙම උත්සවය සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා හා කොට්කාවත්ත ප්‍රාදේශී සභාවේ සභාපතිවරයා ඇතුළු දේශපාලන අදිකාරියද සහභාගී වී සිට්යා.

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව මගින් ජනතාව වෙනුවෙන් සැබෑ ජනතාවාදී ආන්ඩුවක් ලෙස කටයුතු කරම්න් තීන්දු තීරණ ගෙන වැඩකරන මෙවැනි මොහොතක ඒම ජනතාවාදී වැඩසටහන් පහළ මට්ටමේ ක්‍රියාත්මක වීමේදී ජනතාව අපහසුතාවයට පත්වන ක්‍රියා සිදුවන්නේ නම් එය සෘජු ලෙස බලපානු ලබන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ  සමස්ත ආන්ඩුවට වේ.

පසුගියදා පැවැත්වූ  දිට්වා ආධාර ලබාදීමේ උත්සවයේදී සෘජුව ආන්ඩුව අපහසු තාවයට පත්වන ලෙස සංවිධායකවරු ක්‍රියාකර තිබීම දක්නට ලැබුණා.

ජාතික ජනබලවේග ආන්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා හා ප්‍රාදේශී දේශපාලකයින් මේ පිලිබදව වැඩ් සැලකිල්ලක් නොදැක් වීම හෝ ඔවුන් මේ පිළිබඳව නොදැන සිට්ම තුළින් ඉස්මතු වන්නේ පෙර රජයන් වල වගේම මේ වකවානුවෙත්  රාජ්‍ය නිලධාරීන්  අමාත්‍යවරයකූ  හෝ දේශපාලන අදිකාරියේ කවුරුන් හෝ උත්සවයකට සහභාගී වන ව්ට ඔවුන්  තමන්ගේ රාජකාරි මට්ටමේ උපරිම වැඩ කරන බව හැගෙන ලෙස ලකුණු  දාගන්න කැපි පෙණෙන වැඩ කිරීම‍යි. එයින් අපහසුතාවට පත්වන්නේ ජනතාවයි. එව්ට කැපීපෙනෙන්න යන නිලධාරීන් නිසා පෙනී කැපෙන්නේ ආණ්ඩුවයි.

මේ වැඩසටහන තුළ සිදුවූ සමහර  ක්‍රියාවන් තුලින් ජනතාවට නම් මාලිමා රජය හා කලින් රජයන් අතර ලොකු වෙනසක් දකින්නට නොලැබුනු බව කිවයුතුය.

මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී ජනතාවට සිදුවූ අපහසුතා කිහිපයක් පහත දැක්වේ,

01. ප්‍රදේශවාසී ජනතාවට පෙර දැනුම් දීමකින් තොරව මෙම උත්සවයට සතියකට පෙරදී දුරකථන ඇමතුම් ලබාදී ඇමතුම ලබා දුන් මොහොතේම රුපියල් 70  මුද්දර 02ක්,ෆයිල් කවර හා සුදු කොල රැගෙන ලියාපදිංචිය සදහා ග්‍රාම නිලධාරී කාර්යාලයට පැම්ණෙන ලෙස දැනුම් දීම  (උදෑසන 10.30 පැමිණි දුකථන ඇමතුමේ හඩපට සාක්ෂි සහිතයි,රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පවා viparama news අප ව්සින් දැනුවත් කර ඇත)

2. මෙම උත්සයට කලින් දිනට පෙරදින සවස 5.15 නැවතත් දුරකථන ඇමතුමක් මගින් පවසන්නේ රුපියල් 30 මුද්දර දෙකක් රැගෙන ඉක්මනින් ග්‍රාම නිලධාරී කාර්‍යාලයට පැම්ණෙන ලෙසයි.(සවස 5.15 ට ම්නිස්සු මුද්දර හොයන්නේ කොහොමද යනු ප්‍රශ්නාර්ථයකී.)

3. උත්සවය ආරම්භය උදෑසන 8.00ට බව පවසා ජනතාව කැදවා උත්සවය ආරම්භ කරනු ලැබුවේ උදෑසන 9.30 වේ.

ආන්ඩුවේ ඇමැ­ති­ව­රයා පැම්ණෙන ව්ට ජනතාව පෙන්වීම වෙනුවෙන් ප්‍රාදේශී ලේකම් කාර්යාලය ව්සින් මෙලෙසින් ජනතාව කලින් කැදවා පැය දෙකකට ආසන්න කාලයක් උත්සව ශාලාව තුළ   තබාගෙන පිඩාවට පත් කිරීම.

මෙවැනි දේ  සිදුවීම තුලින් ජාතික ජනබලවේග රජයේ ජනතාවාදී ආන්ඩු ක්‍රම ක්‍රියාවන්ට නම් පටහැනි බව කිව යුතුය.

මේ සියල්ල පිළිබඳව viparama news අප ව්සින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව පෞද්ගලිකව දැනුවත් කර ඇති අතර එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාවද දැනුවත් කිරීමට උත්සාහ කළ නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් වරියක් ව්සින් එම පණිවිඩය ලබා ගන්නා ලදී. පසුව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් වරයාද දැනුවත් කළ අතර ඔහු පැවසූවේ ජනාධිපතිවරයා කොලොන්නාවට පැමිණිමට නියම්ත බැව්න් කඩ්නම්න් මේ උත්සවය සංවිධානය කිරීම නිසා යම් අපහසු තාවයන් පැන නැගුනු බවයි.

කෙසේ නමුත් පවතින රජයේ හොද වගේම එහි අඩුපාඩු පෙන්වා දීම අප මාධ්‍ය වගකීම නිසා මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා යලි මෙවැනි ක්‍රියා තුලින් ජනතාව අසීරුවට පත් නොකිරීමට බලධාරින් වග බලා ගතයුතුවේ.

ප්‍රධාන කතෘ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *