free web stats

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළා.

ඊට අමතරව මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්.

අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් මස 17 වනදා සිට 21 වන දින දක්වා විශේෂ බස්රථ සේවාවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළා.

මේ අතර ජාතික ගමනා ගමන කොමිශන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මගී අවශ්‍යතාවය අනුව ප්‍රමාණවත් පරිදි අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර අප්‍රේල් මස 10 වනදා සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මුහුදුබඩ මාර්ගයේ, උතුරු මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දැනට ධාවනය වන දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *