දිවයින ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
දිවයින ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.