free web stats

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවසුවේ ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු හතම විවෘත කර ඇති බවයි.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම පිණිස මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස ජල පාලන දොරටු විවෘත කළ බවද ඔහු පැවසූවා.

ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක බැගින්ද ඉතිරි ගේටුට තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර තිබෙනවා.

දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව තිබේ.

තවද ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ ප්‍රමාණය මත ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයද වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවා.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *