අදත් ආරවුලක් ඇති කරගත් මන්ත්රී රාමනාදන්
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, මන්ත්රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය මන්ත්රීවරයාගේ වාහනය නවත්වා ඇති බවයි.
ඒ හේතුවෙන් මන්ත්රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග උරන වී ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් මන්ත්රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්රය ද ඉල්ලා තිබෙන අතර එම ලියකියවිලි ලබාදීම ප්රතික්ෂේප කරමින් මන්ත්රීවරයා කලහාකාරීව හැසිරී තිබෙනවා.
ඔහු අද (21) උදෑසන පාර්ලිමේන්තු බලා එන අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.