free web stats

හිටපු ජනපති රනිල්ට වැඩ වැරදෙන ලකුණු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නා.

රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් මේ විමර්ශන ආරම්භ කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ මේ බව දන්වා සිටියා.

ඊට අදාළ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා සිටියා.

එම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයට අවශ්‍ය නියෝග අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සහ පොදු දේපොළ පනත ප්‍රකාරව සිදු කරනු ලබන අතර ඊට අදාළව චෝදනා ගොනු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ධුර කාලය තුළ පෞද්ගලික සංචාර සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ පවා මහත් කතාබහකට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *