free web stats

වැඩ­සිටිකන්දේ ආර­ක්ෂාව ඉව­ත්කර නෑ

කත­ර­ගම වැඩ­සිටිකන්ද පුද බිමේ ආර­ක්ෂාව සඳහා පොලිස් හා යුද හමුදා නිල­ධා­රීන් යොදවා ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා සඳ­හන් කරනවා.

එහි ආර­ක්ෂාව ඉව­ත්කර ඇති බවට සඳ­හන් තොර­තු­රු­වල සත්‍ය­තා­වක් නොමැති බවත් වුට්ලර් මහතා පව­සන්නේ.

ඒ සම්බ­න්ධ­යෙන් කත­ර­ගම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් තමා වෙත වාර්තා­වක්ද ඉදි­රි­ප­ත්කර ඇති බව වුට්ලර් මහතා සඳ­හන් කළා.

කත­ර­ගම ඓති­හා­සික වැඩ­සිටිකන්ද පුද­බිමේ විහා­රා­ධි­පති හිමි­යන් විසින් එම පුද­බිමේ ආර­ක්ෂාව සඳහා ස්ථාපි­ත­කර තිබූ පොලිස් මුර­පො­ළෙහි රාජ­කාරි කළ නිල­ධා­රීන් ඉව­ත්කර ඇති බවට සඳ­හන් කර ජනා­ධි­ප­ති­තුමා වෙත ලිපි­යක් යොමු කර ඇති බවත් එම ලිපිය සමාජ මාධ්‍ය ජාල­වල මේ දින­වල සංස­ර­ණය වෙමින් පව­තින බවත් වුට්ලර් මහතා පැවසුවා.

මේ සම්බ­න්ධ­යෙන් තමා කත­ර­ගම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් වාර්තා­වක් කැඳවූ බවත් එහි සත්‍ය­තා­වක් නොමැති බවත් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා තහ­වු­රු­කර තිබෙන බවත් වුට්ලර් මහතා තහ­වුරු කළා.

වැඩ­සිටිකන්ද පුද­බි­මෙහි ආර­ක්ෂාව සඳහා ප්‍රමා­ණ­වත් පොලිස් හා යුද හමුදා නිල­ධා­රීන් පිරි­සක් යොදවා ආර­ක්ෂාව තහ­වු­රු­කර ඇති බව ද වුට්ලර් මහතා පව­සනවා.

පුද්ග­ලා­නු­බද්ධ ආර­ක්ෂාව නොව, ස්ථානයේ බැති­ම­තුන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට පිය­වර ගෙන ඇති බව ද වුට්ලර් මහතා අව­ධා­ර­ණය කරයි.

වැඩ­සිටිකන්ද පොලිස් මුර­පො­ළට අනු­යු­ක්තව සිටි අති­රික්ක නිල­ධා­රීන් ඉව­ත්කර එම නිල­ධා­රීන් කත­ර­ගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජ­කාරි සඳහා යොදවා ඇති බව ද වුට්ලර් මහතා සඳ­හන් කරයි.

එසේ නොමැ­තිව ජනා­ධි­ප­ති­ව­රයා වෙත යොමු­කර ඇති ලිපි­යෙහි සඳ­හන් ලෙස වැඩ­සිටි කන්ද පුද­බිමේ පොලිස් ආර­ක්ෂාව පූර්ණ වශ­යෙන් ඉව­ත්කර නොමැති බව ද වුට්ලර් මහතා සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *