free web stats

අමෙ­රි­කානු ක්‍රීඩක අකි­ලේෂ්ට ලැබුණු වසර 8ක ක්‍රිකට් තහ­න­ම

අමෙ­රි­කානු ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකි­ලේෂ් රෙඩ්ඩිට සිය­ලුම ආකා­රයේ ක්‍රිකට් සඳහා වසර 8ක තහ­න­මක් පැන­වී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය කට­යුතු කර තිබෙනවා.

අබු­ඩාබි ටී10 තර­ගා­ව­ලිය අත­ර­තුර අයි­සීසී දූෂණ විරෝධි නීති සංග්‍ර­හ­යෙන් වගන්ති තුනක් උල්ලං­ඝ­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වීම හේතු­වෙන් අකි­ලේෂ්ට මේ තහ­නම පනවා ඇත. මේ අනුව ඔහුට ඉදිරි වසර 8ක කාලය තුළ කිසිදු ආකා­ර­යක ක්‍රිකට් තර­ග­ය­කට හෝ පුහුණු සැසි­ය­කට සහ­භාගි වීමේ අව­ස්ථාව අහිමි වනු ඇත.

2025-26 අබු­ඩාබි ටී10 තර­ගා­ව­ලිය අතර ඇස්පින් ස්ටැලි­යන්ස් පිල වෙනු­වෙන් තරග දෙකක් ක්‍රීඩා කළ අකි­ලේෂ්ට චෝදනා එල්ල කර­මින් පසු­ගිය නොවැ­ම්බර් මස සිට තාව­කා­ලික ක්‍රීඩා කට­යුතු අත්හි­ටුවා පරී­ක්ෂණ සිදු කළා.

තරග පාවා­දීම්, ගිවි­සු­ම­කට පාර්ශ්ව­ක­රු­වකු වීම හෝ ඒ හා සමාන දූෂිත ක්‍රියා­වන්හි නිරත වීමට උත්සාහ කිරීම හෝ ඊට අනු­බල දීම, පෙල­ඹ­වීම, පරී­ක්ෂ­ණ­යට අදාළ දත්ත සහ පණි­විඩ මකා දැමීම වැනි බර­ප­තළ චෝදනා ඔහුට එල්ල වී තිබිණි. චෝදනා තහ­වු­රු­වීම හේතු­වෙන් පැනවූ මේ තහ­නම පසු­ගිය වසරේ නොවැ­ම්බර් 21 වැනිදා සිට ක්‍රියා­ත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *