free web stats

බූස්ස බන්ධනාගාරයෙන් හමුවූ ජංගම දුර­ක­තන

දරුණු ගණයේ අප­රා­ධ­ක­රු­වන් රඳවා සිටින බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ කළ විශේෂ සෝදි­සි­ය­කදී ජංගම දුර­ක­තන 29ක් සොයා ගැනී­මට හැකි වී තිබෙනවා.

බන්ධ­නා­ගාර බුද්ධි හා උප­ක්‍ර­මික බළ­කාය හා පොලිස් විශේෂ කාර්ය බළ­කාය ඊයේ (09) උදෑ­සන 6.00ට පමණ කළ ඒකා­බද්ධ ‍මෙහෙයුමේ දී A, C හා D අංශ­වල සිර­වා­ට්ටු­වල තිබී මෙම ජංගම දුර­ක­තන සොයා ගෙන තිබේ.

විශේෂ ගණයේ සිර­ක­රු­වන් වන “දෙම­ට­ගොඩ චමින්ද”, “වෙලේ සුදා” හා “මිදි­ගම රුවන් ” රඳවා සිටින A අංශයේ සිර­මැ­දිරි තුළද ජංගම දුර­ක­තන තිබී හමුවූ බව බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ජගත් වීර­සිංහ මහතා පැවසූවා.

මෙම ජංගම දුර­ක­තන වැඩි­දුර පරි­ක්ෂණ සඳහා අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු කිරී­මට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *