free web stats

ඉෂාරා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙන අපූරු කතාව

ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබෙන අපූරු කතාව.

” ගණේමුල්ල සංජීවට වෙඩි තියන්න අලුත්කඩේ උසාවියට ආව වෙලාවේ මම ලෝයර් කෙනෙක් කියලා රැවටිච්ච ගෑනු කෙනෙක් මට නඩුවකට කතා කරන්න භාරදුන්නා.

කොමාන්ඩෝ සමිඳුත් එක්ක ගණේමුල්ල සංජීවට වෙඩිතියන්න ආව වෙලාවේ මම හිටියේ නීතීඥවරුන්ට වෙන්වෙච්ච විවේක කාමරයේ. එතනට ආව බොහොම අසරණ පෙනුමක් තියන ගෑනු කෙනෙක් මට කතා කළා.

එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනාගේ මනුස්සයා එයාට හොඳටම ගහලා ඒකේ නඩුව අලුත්කඩේ උසාවියේ තියෙන්නේ.

ඒ මනුස්සයා මට කිව්වා මැඩම් මගේ ළඟ අමාරුවෙන් හොයාගත්ත රුපියල් දාහක් විතරයි තියෙන්නේ. මේක අරගෙන මාගේ නඩුවට කතා කරනවද කියලා. මට ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා ගැන ගොඩක් දුක හිතුණා.”

මම එයාට කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවකට කතා කරන්න. ඒ නිසා ඔය නඩුව අතන ඉන්න මැඩම්ට දෙන්න කියලා. එහෙම කියලා මම ඒ මනුස්සයට මගේ පේන මානයේ හිටිය වෙන වෙන ලේඩි ලෝයර් කෙනෙක් ළඟට ඇරියා.

අර ගෑනු කෙනා ඒ ලෝයර් ළඟට ගිහින් එයාගේ කතාව කිව්වා. ඒ ලෝයර් නඩුවට පෙනී ඉන්න රුපියල් 2000 ඉල්ලුවා. අර මනුස්සයා බොහොම අසරණ විදිහට මගේ දිහා බැලුවා. මම එයාට කාමරෙන් එළියට කතා කරලා මගේ ළඟ තිබුණු රුපියල් 5000ක් එයාට දීලා නඩුවට කතා කරන්න අර මැඩම්ව ගන්න කිව්වා. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *