free web stats

එංග­ලන්ත-දකුණු අප්‍රිකා අව­සන් පූර්ව තරගය අද

කාන්තා ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු අව­සන් පූර්ව තර­ගය අද (29) පස්වරු 3.00ට ගුව­හා­තිදී පැවැත්වෙනවා.

මෙහිදී මූලික වටයේ දෙවැනි ස්ථානය හිමි­ක­ර­ගත් එංග­ලන්ත කණ්ඩා­යම සහ දෙවැනි තැනට පත්වූ දකුණු අප්‍රි­කානු කණ්ඩා­යම තරග වැදී­මට නිය­මි­තයි.

මේ තර­ගා­ව­ලියේ මූලික වටයේ සිවු­වැනි තර­ගය ද ඇතු­ළුව මේ දෙපිල අව­සන් වරට හමුවූ අවස්ථා තුනේ­දීම ජය හිමි­කර ගැනී­මට එංග­ලන්ත ක්‍රීඩි­කාවෝ සමත් ව්ය.

අද තර­ගය පැවැ­ත්වෙන ගුව­හා­තිහි බර්ස­පාරා ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවති එම තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහර දුන් දකුණු අප්‍රි­කානු පිල ඕවර 20.4කදී ලකුණු 69කට දැවී ගිය අතර, එංග­ලන්ත පිල ඕවර 14.1කදී ජය හිමි­කර ගත්තේ කිසි­ව­කුත් නොදැවී තිබි­ය­දී.

මේ දෙපිල 47 වරක් ජාත්‍ය­න්තර එක්දින ක්‍රිකට් පිටි­යේදී හමුව ඇති අතර, ඉන් තරග 36ක් ජය ගැනී­මට එංග­ල­න්තය සමත් වෙද්දී දකුණු අප්‍රි­කාව ජය ගෙන ඇත්තේ තරග 10ක් පමණි. දකුණු අප්‍රි­කාව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මස ඩර්බ­න්හිදී පැවති තර­ග­යෙන් අව­සන් වරට එංග­ල­න්තය පරා­ජය කර තිබෙනවා.

මේ තර­ගා­ව­ලි­යට පෙර තෙව­රක් අව­සන් පූර්ව වට­යට පිවිස ඇති දකුණු අප්‍රි­කානු කාන්තා පිල අව­සන් වරට පැවති (2022) ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී අව­සන් පූර්ව වට­යට පිවිසි අතර, ඔවුන්ට මින් පෙර අවස්ථා තුනේ­දීම එම වට­යෙන් ඉව­ත්වී­මට සිදුව තිබිණි. දකුණු අප්‍රි­කාව පිට පිට අව­සන් පූර්ව වට­යට පිවිසි තෙවැනි අව­ස්ථාව මෙය වේ.

එංග­ල­න්තය අඛ­ණ්ඩව අව­සන් පූර්ව වට­යට පිවිසි 6 වැනි අව­ස්ථාව මෙය වන අතර, 2022 තර­ගා­ව­ලියේ අනු­ශූ­රි­යන් බවට පත් විය.

තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ගය ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර හෙට පැවැත්වේ.

තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය ලබන ඉරිදා (නොවැ­ම්බර් 2) පැවැ­ත්වී­මට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *