free web stats

වයඹ පළාතේ ජනතාවට දැන් එක්දින සේවා ඔස්සේ හැදුනුම්පත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත.

පළාත් කාර්යාලයේ ලිපිනය,

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,
03 වන මහල,
නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල

දුරකථන අංකය : 037 2224337

ෆැක්ස් අංකය : 037 2224337

Leave a Reply

Your email address will not be published. Required fields are marked *