free web stats

ලිංගික අපචාරයට සහ පීඩනයට දරුවන් ලක් වීමේ ප්‍රවනතාව වැඩියි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“6 වසරට, වයසට ගැලපෙන විදියට පොතක් අපි සකස් කරලා තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය ඒකක විසින් නිරන්තරයෙන්ම කියන දෙයක්. අපේ රට තුල ලිංගික අපචාරයට සහ පීඩනයට දරුවන් ලක් වීමේ ප්‍රවනතාව එන්න එන්නම වැඩි වන නිසා . මෙකෙන් ආරක්ෂා වීමට නම් දරුවන්නට මේ ගැන ඉගැන්විය යුතුයි කියලා පවුල් සෞඛ්‍ය ඒකක, සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් අපට කියන දෙයක්. ඒ වගේම තමයි ළමා ආරක්ෂණ අධිකාරියෙනුත් අපිට කියලා තියෙනවා මේක බරපතල ප්‍රශ්නයක්. තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් විය යුතුයි කියලා. ඒ ගැන අපි සාකච්ඡාවක් කරනවා ඒ ඒ අමාත්‍යාංශ සහ අධිකාරි සමඟ. ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් පවතිනවා. කොහොම ද, කවදා ද කොයි වයසට ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණයක් තාම නෑ. ඒ සකච්ඡා අනුව වයසට සුදුසු පරිදි තමා ආරක්ෂා විය යුතු විදිය ගැන තමන්ගේ ශරීරය වෙනස් වන විට ඒ පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. ඒ දේවල් අපි කරන්නේ විශේෂඥ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ උපදෙසුත් අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *