free web stats

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළා.

හිටපු කථානායකවරයා ඊයේ (11) ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්විය.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *