ධීවර, නාවික සහ වෙරළබඩ ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ සඳහායි.
නිවේදනය හෙට (27) පෙ.ව. 09.00 තෙක් වලංගු වෙනවා.
ඒ අනුව හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළ බඩ ප්රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.
මෙම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිත ප්රදේශ වල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

