free web stats

සිරිමාවෝ ව්දුහල් පතිනිය සුමේදාට කලර්ස් නයිට් එකේ තරු පෙන්වූ දියණිය

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වර්ණ සම්මාන ප්‍රධාන උත්සවය පහුගියදා පැවැත්වුණා.

එම වර්ණ සම්මාන ප්‍රධාන උත්සවයේදී චනිත්මා සිනාලි කියන දැරියට සිදුවූ අසාධාරණයක් පිලිබදව ඇයම ප්‍රධාන වේදිකාවට ඇව්ත් සියල්ලන් ඉදිරියේදී ඒම කතාව ඉතා ශක්තිමත්ව පවසනවා.

ඇය පහුගිය කාලෙ පුරාවට විවිධ ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ රැසක් අරගෙන පාසලේ කීර්තිය වෙනුවෙන් මහත් වැඩ කොටසක් සිදුකල ශිශ්‍යාවක්.

නමුත් මෙවර පාසලේ වර්ණ සම්මාන උත්සවය දවසේ උදේ තිබුන රියසල් එකට ඇයට එන්න බැරි වුනා කියලා තමයි සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිතුමිය මෙවර ඇයට හිම් සම්මානය නොදී ඉන්න තීරණය කරලා තියෙන්නේ, ඒය ඉතාමත් නින්දිත පහත් ක්‍රියාවක්. ඒ දැරිවියට එන්න බැරිවෙලා තියෙන්නෙත් ඇය පෙනි සිට්ය විභාගයක් නිසා බවත් ඒ නොපැමිණීම අදාල ගුරුවරුන් දැනුවත් කළ බවත් ඇය පවසනවා.

චනිත්මා දියණිය සිරිමාවෝ බණ්ඩාරනායක ව්ද්‍යාලයේ 2023 වර්ශයේ පාසලේ ක්‍රීඩා නායිකාව විදිහටත් කටයුතු කර තියෙනවා.
ඒ වගේම 2022 අවුරුද්දේ කොමන් වෙල්ත් තරගාවලිය නියෝජනය කරන්න පවා දක්ෂ වෙන මේ දියණිය එහිදිත් අවසාන වටය තෙක් ගමන් කර තිබෙනවා.ඇය ජාතික මට්ටමේ අති දක්ෂ ශිෂ්‍යාවක්.

මෙහෙම දක්ෂ දරුවෙකුට සිරිමාවෝ බණ්ඩාරනායක ව්දුහලේ වත්මන් විදුහල්පතිනි ලෙස සේවය කරන ආචාර්ය සුමේදා ජයවීර ව්සින් මේ දැරිවියට සම්මානය නොදී ඉන්න තීරණය කරන්නේ පුදුම සහගත හේතුවක් දක්වම්න් ඒ දැරිය පාසලේ රියසල් පැමිණියේ නැ කියන පටු අදහස ගෙන එමින්.

නමුත් මේ තරම් උගත් කියා ගන්නා ව්දුහල්පති වරියක් ප්‍රසිද්ධ වේදිකාවේ ළමයින්ව මෙහෙම අපහසුතාවයට පත් කිරීම හෙලාදැකිය යුතුයි.

මෙහෙම අත්තනෝමතික උමතු තීරණ ගන්න ව්දුහල්පතිනියට හෝ පාසලේ ගුරුවරුන්ට කොහොමත් අයිතියක් නොමැත.

මේ දැරිය වේදිකාවට ඇවිල්ලා සම්පූර්ණයෙන් පාසලේ හැමෝටම ඇහෙන්න තමන්ට සිදු වෙච්ච අසාධාරණය ගැන කියනවා. මේ අසාධාරණය ගැන දැන් බලධාරින්ට පවා දැන ගන්න පුළුවන් කමක් ලැබ්ලා තියෙන්නෙත් ඒ නිසා.
දැන් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අදාල වග කිවයුතු ආයතන වහාම මේ ගැටළුවට මැදිහත් ව්යයුතුයි.
මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදුකීරීම අවශ්‍යයි. ඒ වගෙම මේ දැරිවියට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා නම් ඇයට සාධාරණයක් සිදුකොට ව්දුහල්පතිනියට එරෙහිව වහා නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *