free web stats

මේ වසරේ සිට දරුවන්ට සමාජ මාධ්‍ය තනහම් කිරීමට සූදානම්

මේ වසරේ සිට ප්‍රංශයත් එරට දරුවන්ට සමාජ මාධ්‍ය තනහම් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ සිට ප්‍රංශයේ අවුරුදු 15ට අඩු සියළුම දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය සූදානම් වන බවයි.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් විසින්, මේ වසරේ සිට ප්‍රංශයේ ද්වීතික පාසැල් තුල දුරකතන භාවිත කිරීම තහනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

2018 වසරේ සිට ප්‍රංශයේ සියලුම ප්‍රාථමික පාසැල් වල ජංගම දුරකතන භාවිතය තහනම් කෙරුණා.

පසුගියදා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *