free web stats

‘දිට්වා’ නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන අද

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පැවැත්වෙනවා.

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනනේ ආරම්භය අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සිදු කෙරේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *