free web stats

අද ජනපති ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ සමාරම්භය

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය අද (13) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන්නේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශළාවේදියි.

මිනිස් ජීවිත මෙන්ම දේපළ රැසක් විනාශයට පත් කරමින් ප්‍රදේශ රැසකට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා Rebuilding Sri Lanka ක්‍රියාත්මක වේ.

එම ක්‍රියාවලියට උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *