free web stats

ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු අද

ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී අභාවප්‍රාප්ත රාජු බණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(17) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.

මේ වන විට ඔහුගේ දේහය තැනපත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.

කලක් රෝගාතුරව සිටි රාජු බණ්ඩාර පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට 65 හැවිරිදි වියේ පසුවිය.

1960 වසරේ අප්‍රේල් 14 වැනිදා කෑගල්ලේදී උපන් ඔහු, මෙරට බිහිවූ අති දක්ෂ ගිටාර් වාදකයෙක් වන අතර මෙරට කණ්ඩායම් සංගීතය තුළ සිය අනන්‍ය ලකුණ සනිටුහන් කළ ඔහු, මදාරා, ෆෝචූන් වැනි සංගීත කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

රාජු බණ්ඩාර ගායනා කළ ”මා ආදරෙයි මුළු ලොවටත් වඩා”, ”රන් සීනු නාද දේ”, ”හද වේදනා මෙසේ”, ”කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ”…. ඇතුළු ගීත රැසක් අතිශය ජනාදරයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *