free web stats

කරච්චි නුවර සාප්පු සංකීර්ණයක් පැය 36ක් ඇවිළෙයි

පාකි­ස්තා­නයේ කරච්චි නුවර සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් පුද්ග­ල­යන් 14 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, 50කට වැඩි පිරි­සක් අතු­රු­දන් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කරනවා.

පසු­ගිය සෙන­සු­රාදා රාත්‍රියේ හට­ගත් ගින්න පාල­නය කිරී­මට ගිනි නිවන හමු­දා­වට පැය 36කට අධික කාල­යක් ගත වී ඇති අතර, එම කාලය ඇතු­ළත සාප්පු සංකී­ර්ණය සම්පූ­ර්ණ­යෙන්ම ගින්නට හසුවී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

පිලි­ස්සුම් තුවාල ලැබූ පුද්ග­ල­යන් 22 දෙනකු රෝහ­ල්ගත කර ඇති අතර, ගිනි නිවන හමු­දාවේ සාමා­ජි­ක­යන් ද ඒ අතර සිටින බව වාර්තා වේ.

ඊයේ වන විට තත්වය පාල­නය කිරී­මට ගිනි නිවන හමු­දාව සහ ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය සම­ත්වු­වද, ගින්නට මැදිවී අතු­රු­දන් වූ පුද්ග­ල­යන් පිළි­බඳ ඊයේ දහ­වල් වන විටත් තොර­තුරු වාර්තා වී නැත.

මහල් 5කින් සම­න්විත ගුල් ප්ලාසා නමැති එම සාප්පු සංකී­ර්ණයේ කඩ­සාප්පු 1,200ක් පිහිටා ඇති අතර, සියලු කඩ­සාප්පු ගින්නෙන් විනාශ වූ බව වාර්තා වේ. සාප්පු සංකී­ර්ණයේ සිරවූ සිය ඥාතීන් පිළි­බඳ තොර­තුරු දැන­ගැ­නී­මට ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් විශාල පිරි­සක් ඒ අවට රැස්වී සිටින බවත්, මෙහෙ­යුම් කට­යුතු තව­දු­ර­ටත් සිදු­වන බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළා.

ගින්නට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති අතර, කරච්චි පොලී­සිය වැඩි­දුර විම­ර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *