ශ්‍රීලනිපයේ අපට ජනපති අගමැති සිහින නැහැ
ජනාධිපති භීතිකාවෙන් විපක්ෂය අද කුලප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති, අගමැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පිළිගැනීමට බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුමන් පැවසූවේ,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය වී තිබුණේ නෑ. එහි බලය තිබුණේ සභාපතිට. ඒ නිසා එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ අනුව චාමරට මම තනතුර බාර දුන්නා. පෞද්ගලික අභිමානයට වඩා බදුල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂී අභිමානයක් මින් ලැබෙනවා. මේ රටට වැඩක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. සභාපති සහ ලේකම් හැරුණු විට තුන්වැනි ස්ථානය ජාතික සංවිධායක තනතුරට හිමි වෙනවා. කැඩී විනාශ වී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළ අපි කරගෙන යනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ චරිත සහ පුද්ගලයන් අපට අවශ්‍යයි. වෙන පක්ෂවල නම් තමන්ගේ නෑදෑ හිතවතුන් වගේම පුතාලා මේ තනතුරුවලට ගෙනාවා. එදා මෛත්‍රීපාල මහතා මාව සහ දුමින්ද දිසානායක මහතාව මේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළා. නමුත් දැන් එහෙම හිතුමතේට තනතුරුවලින් ඉවත් කරන්න බෑ. පහළොස් දෙනකු ඉන්නවා. ඒ අයගේ කැමැත්ත සහ අනුමැතිය ඒ සඳහා තිබෙන්න ඕනේ.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුවිශේෂී කාර්යයක් පැවරී තිබෙනවා. අපට හැම දෙනාම එකතු කරගෙන ගමනක් යන්න ඕනෙ. පක්ෂය ශක්තිමත් කරන්න ඕනෙ. විපක්ෂය ශක්තිමත් කරන්න ඕනෙ. විපක්ෂය එක වේදිකාවට ගේන්න ඕනෙ. ධනාත්මක ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. අද මේ රට යන දිසාව පිළිබඳව සියලු දෙනා බලාගෙන ඉන්නවා. ඒ සඳහා නායකත්වය දීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරිය.”

