free web stats

පාසල් දැරියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා මාට්ටු

පාසල් සිසුවියන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 11ත් 14ත් අතර පසුවන පාසල් සිසුවියන්ට සැකකරු විසින් මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුන් කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූවා.

පැමිණිලි සිදුකළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු අද (21) නුවරඑළිය දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නානුඔය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එස්. සංජීවනී (2435) මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් නානුඔය ප්‍රදේශයේ ජනතාව, පාසල් ළමුන් සහ වතු කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ළමා අපචාර හා ලිංගික හිංසනයන් පිළිබඳ වැඩසටහනක් ද දියත් කර තිබුණු අතර, එම වැඩසටහන් අතරතුර පොලීසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව නානුඔය පොලිස් ස්ථානයට පැමිණිලි කළ සිසුවියන් 06 දෙනෙකු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසූවා.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *