free web stats

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අද

අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද (23) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියම්තයි.

‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින මේ දෙපිලම සුපිරි 6 වටයට සුදුසුකම් ලබා සිටින අතර, ශ්‍රී ලංකා ජයග්‍රහණ දෙකක් සමඟ 3.090ක දළ ලකුණු වේගයක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. ඔස්ට්‍රේලියාව ද ජයග්‍රහණ දෙකක් ලබා සිටින අතර, දළ ලකුණු වේගය 2.047ක් වේ.

එබැවින් අපරාජිත මේ කණ්ඩායම් දෙක අද තරගයට එක්වන්නේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමේ සටනක් වෙනුවෙනි. එම කාණ්ඩයෙන් ඊයේ ජපානය පරාජය කරමින් අයර්ලන්තය ද සුපිරි 6 වටයට එක් විය.

මේ අතර තරගාවලියේ සුපිරි 6 වටයේ තරග ලබන ඉරිදා (25) ආරම්භ වීමට නියමිතය. එම වටයේදී ශ්‍රී ලංකාව තරග කළ මූලික වටයේ ‘ඒ’ කණ්ඩායම් පළමු කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරමින් පෙරමුණ ගත් ඇෆ්ගනිස්තානය සමඟ දෙවැනි තැනට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව එක් වෙයි.

ශ්‍රී ලංකා පිල අද තරගය ජය ගතහොත් මේ 25 වැනිදා දකුණු අප්‍රිකාව සමඟත්, 28 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟත් තරග වැදීමට සිදු වෙයි. අද තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගතහොත් ශ්‍රී ලංකා පිලට සුපිරි 6 වටයේදී මේ 26 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟත්, 29 වැනිදා දකුණු අප්‍රිකාව සමඟත් තරග වැදීමට සිදු වනු ඇත.

‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ නවසීලන්තය සුපිරි 6ට එක්ව ඇති අතර, අද පැවැත්වෙන බංග්ලාදේශ – අමෙරිකා තරගයෙන් අනෙක් කණ්ඩායම තීරණය වෙයි.

එංගලන්තය සහ පාකිස්තානය ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 6ට එක්ව සිටින අතර, ඊයේ පාකිස්තානය හමුවේ පරාජය වුවද සිම්බාබ්වේ පිලටත් සුපිරි 6ට එක්වීමට අවස්ථාව ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *