සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවගන්න
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරනවා.
එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ 22,000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ බව ද ඔහු අවධාරණය කළා.
විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවත් මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නවායැයි පොරොන්දුවී ඇත.
සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිරවීමට හැකියාව පවතියි.
මෙවැනි තීන්දුවක් තිබියදී පවා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නොහැකි බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා පවසනවා.
කෙසේවෙතත් මැතිවරණ සමයේ ආණ්ඩුවේ නියෝජිතයින් මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසූවා.

