free web stats

පනස් වසරකට පසු සඳ තරණයට සැරසෙන ‘ARTEMIS – II’මෙහෙයුම

1972 වසරින් පසුව මිනිසුන් සඳවෙත ගෙන යෑමට නියමිත නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම මාර්තු 6වනදා දියත් කිරීමට නියමිතයි.

අදාළ මෙහෙයුම දියත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙම තීරණය ගැනීම සුවිශේෂී වෙනවා.

ඒ අනුව මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලොරීඩා හි රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා ඇති අතර, ඊට අවශ්‍ය දහන ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ වටය ඊයේ (20) පැවැත්වුණා.

මීට පෙර ඉන්ධන පිරවීමේදී හඳුනාගත් දෝෂ හේතුවෙන් මෙලෙස දෙවැනි පරීක්ෂණ වටයක් පැවැත්වීමට නාසා ආයතනයට සිදුව තිබෙනවා.

මෙම රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක ප්‍රමාණයක් පිරවිය හැකි බව වාර්තා වේ.

ARTEMIS – II මෙහෙයුම මගින් ගගනගාමීන් සිව් දෙනෙකු සඳවටා ගමන් කර ආපසු පැමිණීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *