free web stats

රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක් තැපෑලට

රියදුරු බලපත්‍ර ලක්ෂ හතරක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ, තවත් ලක්ෂයක් පමණ මුද්‍රණය කිරීමට පවතින බවයි.

වේරහැර, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික් කාර්යාලවලින් මේ වනවිට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

දැනට ලැබී ඇති අයැදුම්පත් සඳහාද රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ, රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ් ලක්ෂ අටක් පමණ මෙරටට ආනයනය කර ඇති බවයි.

තවත් රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ් පත් ලක්ෂ දහයක් පමණ ආනයනයට ටෙන්ඩර් විවෘත කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ප්‍රකාශ කළා.

වසර දෙකකට අධික කාලයක සිට රියදුරු බලපත්‍ර සඳහා කාඩ්පත් නිකුත් කිරීම අත්හිටුවා තිබුණා.

ඒ සඳහා පසුගිය කාලය තුළ නිකුත් කෙරුණේ තාවකාලික බලපත්‍රයක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *