free web stats

විකෘති කාම මධ්‍යස්ථානයක් මාට්ටු

විකෘති කාමාශාවන් සඳහා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු හා එහි හිමිකරු අද (24) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මෝදර සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනකු හා එහි හිමිකරු ලෙස පෙනී සිටි හෝමියෝපති වෛද්‍යවරයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් පවත්වාගෙන යන මෙම විකෘති කාමාශාවන් ඉටුකරන මධ්‍යස්ථානය උපාය දූතයක යොදවා වටලා පරීක්ෂා කර තිබෙනවා.

උපාය දූතයා රුපියල් හත්දහසක මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විවිධ කාමාශාවන් ඉටුකර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ කාමාශාවන් විකෘති ලෙස ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා.

ඒ අතර ප්ලාස්ටික් ලිංගික අවයව ,වේවැල් දම්වැල් , මාංචු, රබර් පටි, රබර් ලිංගික අවයව, ලණු , කඹ ඇතුළු විවිධ මාදිලියේ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ සිට දස දහස දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *