free web stats

ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තීරණාත්මක දිනයක්

ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ සුපිරි 8 වටයේ පළමු තර­ග­යෙන් පරා­ජය වූ ශ්‍රී ලංකා පිලට තව­දු­ර­ටත් බලා­පො‍රොත්තු තබා ගත හැකි අව­ස්ථා­වක් හෙට කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ‍යේදී උදා­වෙනවා.

ශ්‍රී ලංකා පිලට සුපිරි අට වටයේ තවත් තරග දෙකක් ඉති­රිව ඇති අතර, අව­සන් පූර්ව වට­යට යෑමට නම් එම තරග දෙකම ජය ගැනීම අනි­වාර්ය වී තිබෙනවා.

හෙට පස්වරු 7ට ආරම්භ වන නව­සී­ල­න්තය සමඟ තර­ගය ජය­ග්‍ර­හ­ණය කිරී­මට ශ්‍රී ලංකා පිල සමත් වන්නේ නම් මෙරට ක්‍රිඩා ලෝලීන්ට ශ්‍රී ලංකා කණ්ඩායම අව­සන් පූර්ව වට­යට පිව්සීම ගැන යම් බලා­පො­රොත්තු දල්වා ගෙන සිට්මට හැකියාව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *