ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තීරණාත්මක දිනයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකා පිලට තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී උදාවෙනවා.
ශ්‍රී ලංකා පිලට සුපිරි අට වටයේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර, අවසන් පූර්ව වටයට යෑමට නම් එම තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වී තිබෙනවා.
හෙට පස්වරු 7ට ආරම්භ වන නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වන්නේ නම් මෙරට ක්‍රිඩා ලෝලීන්ට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිව්සීම ගැන යම් බලාපොරොත්තු දල්වා ගෙන සිට්මට හැකියාව තිබෙනවා.

