ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ලංකාවේදී
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (24) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම නියමිත මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට එහිදී ජජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම සංවත්සර වැඩසටහන ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්රබෝධය ලොවට විදහා දක්වන මහගු අවස්ථාවක් වනු ඇත.

