free web stats

අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුත් මාට්ටු

මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවිය මගින් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

එම සැකකරු හමුදාවෙන් පළාගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්වේ.

පසුගිය 13 වනදා අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණා.

වෙඩික්කරුවකු මෙම වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත පසුගිය 16 සහ 17 යන දිනවලදී කහතුඩුව පොලිස් වසමේදී පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මහතා ඒ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, 2026 පෙබරවාරි 13 වනදා වාර්තා වූ මෙම ද්විත්ම මනුෂ්‍ය ඝාතන සිද්ධියට අදාළව දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *