free web stats

සමන්තභද්‍ර හිමිගේ අමුතුපන්නයේ ප්‍රභූ උපන්දින සාදය – PHOTOS

අද 24 දින දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් 80 නමක්වහන්සේලා උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණා.

එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් රාශියක් අද දිනයේදී සිදුව්ය.

ශ්‍රී පාදස්ථානය නායක ස්වාමින්වහන්සේ , නාගදීප නායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම ,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා,ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රැසක් සහභාගී වී සිට්යා.

තවද උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් ඉන්දියානු, චීන, ඉන්දුනීසියා , වියට්නාම් , තුර්කි , බංගලිදේශ , පලස්තීන මියන්මාර ,නේපාල හා වියට්නාම තානාපතිවරුන් ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටිම දක්නට ලැබුණා.

ඡායාරූප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *