රට ගොඩදාපු රනිල් පස්සේ මේ තරම් පන්නන්නේ ඇයි
යහපාලන ආණ්ඩු කාලේ හොරු අල්ලනවා කියා අපි කරගෙන ගිය ගොන්පාට් කැම්පේන් එක බිඳ වැටුණේ ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ඡන්ද අරගෙන යැයි එජාප නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු මහතා පැවසූවා.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ (23) දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් පැවසූවේ,
රට අගාධයට වැටුණු වෙලාවේ රට ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඇයි. මේක ඉතා පහත් හඹායෑමක්. කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් සිටින්නේ. අසීරු අවස්ථාවක රට ගොඩදාන්න රනිල් වික්‍රමසිංහ කළ දේවල් තමන්ගේ වගේ කරගෙන යන මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය කියා දෙයක් තිබෙන බව තේරුම් ගන්නා ලෙසයි.
මේක වැරදි කළ මිනිසුන්ට දඬුවම් ලැබුණු රටක්. අප මේක අතහරින්නේ නෑ. අප ජාත්‍යන්තරයට යනවා.ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලු ජාත්‍යන්තර ආයතනවලට අප මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා.
තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. දේශීය වශයෙන් අප හැම දිස්ත්‍රික්කයකම හිමිවරුන්, පූජ්‍ය පක්ෂය, නීතිඥවරු, තරුණ කණ්ඩායම් ආදී සියලු පාර්ශ්වවලට මේ අසාධාරණ පළිගැනීම ගැන කරුණු කියන්න මාර්තු පළමුවැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කර තිබෙනවා.
විරුද්ධ දේශපාලන මතවාද ඉදිරියට එන විට ඒවා මර්දනය කරන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ගතවී ගියා. තව තියෙන්නේ පොඩි කාලයයි. ඒක මතක තියාගන්න. රනිල්ට විරුද්ධව ආණ්ඩුව අත තැබීම මහ අපරාධයක්. ඒක සාපයක්. මේ රටේ ගුවන් යානා පිටින් අරගෙන රට ගිය නායකයෝ හිටියා.
රනිල් වික්‍රමසිංහ පිළිබඳව අනාගත ලෝකයට කියාදීමට මාර්තු 19 වැනිදා Read with Ranil යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තරුණ දරුවන්ට රනිල් කියවා ගන්න එයින් අවස්ථාව ලැබෙනවා. හෙට අනිද්දා වන විට අප ඒ වැඩසටහන එළිදක්වනවා. ස්මාර්ට් යූ.එන්.පී. වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.

