free web stats

පාසල් සිසුන්ගේ ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්යයි

කුඩා ළදරුවන්ට හා පාසල් දරුවන්ට පානීය ජලය රැගෙන යාමට යොදා ගන්නා ප්ලාස්ටික් ජල බෝතල්වල ශ්‍රී ලංකා ප්‍රමිති ලකුණ අනිවාර්ය කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න පැවසුවේ මෙම නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව මෙරටට ආනයනය කර වෙළඳපොළට බෙදාහරින ජල බෝතල් ශ්‍රී ලංකා ප්‍රමිති 1616ට හා ශ්‍රී ලංකා ප්‍රමිති 1306ට අනුකූල විය යුතුවේ.

ඒ සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *