free web stats

කාන්තාවන්ට ඇති බාධා ඉවත් කිරීම රටේ අනාගතයට වැදගත්

කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට පොදුවේ බලපාන බාධා ඉවත් කිරීම රටක අනාගතයට වැදගත් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් පළ කළ බිමල් රත්නායක මහතා,

ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරනවා. කාන්තාවන් සහ පිරිමින් ගත්විට ජීව විද්‍යාත්මකව තිබෙන වෙනස්කම් හැරුණු විට ලෝකයේ විශාල කාර්යයක් කරන්න පුළුවන් කණ්ඩායමක්. නමුත් සමාජය සහ ආර්ථිකය සකස්කර තිබෙන විදිය අනුව පොදුවේ වැඩකරන කාන්තාවන් ගත්විට ඔවුන්ගේ ඇත්ත හැකියාවන් හොඳ තැනක් කරන්න කටයුතු කරනවා. නමුත් අපේ ආයතන සහ ආකල්ප වෙනස් විදියට සකස් වී තිබෙනවා. මේ රට මීට වඩා ශක්තිමත්ව ගොඩනඟන්න කාන්තාවන්ගේ දායකත්වය ගත නොහැකි විදියේ තත්ත්වයක් රටේ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *