free web stats

ඉරාන විදේශ ඇමැති අමෙරිකාවට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු තීරයේදී ඉරාන නෞකාවට පහරදීම අමෙරිකානු හමුදාව මුහුදේ සිදු කළ සාහසික ක්‍රියාවක් බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අමෙරිකානු සබ්මැරීනයකින් එල්ලවූ එම ප්‍රහාරයෙන් පසු පළමු නිවේදනය නිකුත් කරමින් ඉරාන විදේශ ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කළ බවයි.

ජාත්‍යන්තර මුහුදේදී අනතුරු ඇඟවීමකින් තොරව නෞකාවට පහර දීම හෙළා දකින බවත්, මේ ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඉරාන විදේශ ඇමැතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *