free web stats

අද සිට ප්‍රතිව්‍යුහගත වූ විදුලිබල මණ්ඩලය

විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (09) සිට බලාත්මක වෙනවා.

ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන අද සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් 06ක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් එම අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයකට පැවරීම සඳහා විධිවිධාන සලසා ඇති බව ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා.

මේ අතර අහෝසි කළ විදුලි බල මණ්ඩලය වෙනුවට පිහිටුවන ආයතන 6 න්, 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව ඉංජිනේරු K.S.I කුමාර Electricity distribution Lanka පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස පත්කර තිබෙනවා.

Electricity Generation Lanka පෞද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී ලෙස පත්කර ඇත්තේ, ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්නවේ.

ඉංජිනේරු N.S වෙත්තසිංහ, ජාතික සම්ප්‍රේෂණ පද්ධති සේවා සැපයුම් පෞද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරීවරයා ලෙස පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *