free web stats

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදෙනවා

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

හිඟවන ධාන්‍ය සඳහා බදු සහිතව ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යවරයා පැවසුවා.

නෞකා ගමනාගමනයට පවතින බාධාවත් සමග ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කළා.

පවතින තත්ත්වය හමුවේ අපනයන කටයුතු සඳහා බාධා මතුවිය හැකි බවද අමාත්‍යවරයා වැඩි­දු­ර­ටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *