ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් අද වෙළෙඳපොලට
අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවා.
මාර්තු මාසය වෙනුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 38000 අයදුම් කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් 30,000ක් මාලදිවයිනේ රඳවා තබා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසූවා.
අයදුම්කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 මාලදිවයිනට පැමිණීමට නියමිත බව චන්න ගුණවර්ධන පැවසුවා.
මේ අතර ලාෆ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසුරිය පැවසුවේ, පසුගියදා දිවයිනට ලගාවූ නෞකාවෙන් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක තොග බෙදාහැරීම මේ දින වල සිදුකරන බවයි.

