ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බවයි.
මේ හේතුවෙන් පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසූවා.

