ඉරාන ප්‍රහාරවලින් ම්යැදුණු අමෙරිකානු සෙබළු ගණන මෙන්න
ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දින 10 ඇතුළත අමෙරිකානු සෙබළුන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක හමුදාව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කුවේට් රාජ්‍යයේ පිහිටි හමුදා කඳවුරේ රාජකාරියේ නිරතව සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අටවැනි හමුදා සෙබළා ද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තවත් සෙබළුන් 140 දෙනකු තුවාල ලැබූ බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
එහි ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සඳහන් කර ඇත්තේ ඉන් අටදෙනකුගේ තත්ත්වය බරපතළ බවයි.
කෙසේ වෙතත් වැඩි පිරිසක් සුළු තුවාල ලබා ඇති බවත්, ඉන් 108 දෙනකු නැවත රාජකාරි සඳහා වාර්තා කර ඇති බවත් පෙන්ටගනයේ ප්‍රකාශක සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

